චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්
2024-03-26 17:19:47
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වේ.

එම හමුව අද (26) බෙයිජිංහි දී පැවැත්විණ.

චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ගෙවී ගිය වසර 67 තුළ දෙරට සබඳතාව සෑමවිටම විධිමත් හා ස්ථාවර වර්ධනයක පවතින බව Zhao Leji මහතා එම හමුවේ දී පැවසීය. චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වයේ නව වර්ධනය උදෙසා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටී. ව්‍යවස්ථාදායක ආයතන අතර හුවමාරුව සහ සහයෝගිතාව රටවල් දෙක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවකි. දෙරට විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා වෙනුවෙන් නීතිමය ආරක්ෂාව සැපයීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සෑම මට්ටමකම සන්නිවේදනය වැඩිදියුණු කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද Zhao Leji මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ලබා දුන් දිගුකාලීන සහනාධාර වෙනුවෙන් චීනයට කෘතවේදීත්වය පළ කළ අග්‍රමාත්‍යවරයා එහිදී කියාසිටියේ, තම රට එකම චීනය මූලධර්මයට අනුගතව ක්‍රියා කරන බවයි. දෙරට ව්‍යවස්ථාදායක ආයතන අතර හුවමාරු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ද දිනේෂ් ගුණවර්ධන මහතා එම හමුවේ දී පැවසීය.

ඉන් අනතුරුව Zhao Leji මහතා, නාවුරු ජනාධිපති David Adeang මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම