පොදු ජයග්‍රහණ සහිත නව යුගයක් නිර්මාණය කිරීමට එක්වන්නැයි විවිධ රටවල ආයෝජකයන්ට චීනයෙන් ඇරයුම්
2024-03-25 19:28:45
Share with:

තම රටේ ආයෝජනය කරමින්, විවෘත භාවයේ සහයෝගිතා සහතික කර ‍අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා පොදු ජයග්‍රහණ සහිත නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට එක්වන්නැයි, චීනය විවිධ රටවල කාර්මික හා වාණිජ කර්මාන්තවලට ඇරයුම් කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (25) මේ බව පැවසුවේ අද (25) නිමාවට පත් වූ චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික සමුළුව පිළිබඳව අදහස් දක්වමිනි.

බෙයිජිං අගනුවර දී පැවති දෙදින සමුළුව ප්‍රබල මෙන්ම සක්‍රිය පණිවුඩ රැසක් ලොවට රැගෙන විත් තිබේ. චීන ආර්ථිකයේ යහපත් වර්ධන ප්‍රවණතාව එහිදී අඛණ්ඩව තහවුරු කර ඇති බව Lin Jian මහතා කියාසිටී. එසේම, සමාගම්වල වර්ධනය සඳහා චීන රජය අඛණ්ඩ සහාය සපයයි. ප්‍රායෝගික මෙන්ම ඵලදායී ක්‍රියා ඔස්සේ අධිගුණාත්මක සංවර්ධනය සහතික කරන චීනය, ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ දී ඉහළ නිශ්චිතභාවයක් හා ජවයක් තිළිණ කර ඇතැයි ද Lin Jian මහතා පැවසීය. එමෙන්ම, උසස් මට්ටමේ ව්‍යාපාරික පරිසරයක් ගොඩනගන චීනය මනා විවෘතභාවයකින් ලෝකය හා සම්බන්ධ වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

විවෘතභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ සහිත උපායමාර්ගය චීනය තිරසර ලෙස අනුගමනය කරන බව ද Lin Jian මහතා අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම