චීනයේ Queqiao-2 සන්නිවේදන චන්ද්‍රිකාව නියමිත චන්ද්‍ර කක්ෂයට
2024-03-25 19:47:16
Share with:

චීනයේ Queqiao-2  සන්නිවේදන චන්ද්‍රිකාව සඳ වටා පිහිටි කක්ෂයට පිවිසේ.

එම චන්ද්‍රිකාව බෙයිජිං වේලාවෙන් අද (25) අලුයම 00.46 ට චන්ද්‍ර පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 440 ක් පමණ දුරින් තිරිංග ක්‍රියාත්මක කර ඇත. ඒ පැය 112ක පමණ පියාසැරියකින් පසුව යි. ඉන් අනතුරුව Queqiao-2 චන්ද්‍රිකාව බාධාවකින් තොරව චන්ද්‍ර කක්ෂයට පිවිස තිබේ.

සඳ වටා ඇති චක්‍රාකාර කක්ෂයේ උන්නතාංශය සහ ආනතිය සකස් කිරීමෙන් පසු Queqiao-2 චන්ද්‍රිකාව සැලසුම් කළ පරිදි ම ඉලිප්සාකාර චන්ද්‍ර කක්ෂයට ඇතුළු වනු ඇත. ඉන් අනතුරුව එය Chang'e-4 සහ Chang'e-6 යන චන්ද්‍ර ගවේෂණ යානා සමග සන්නිවේදන පරීක්ෂණ අරඹනු ඇත.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම