ගාසා තීරයේ ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට ජගත් ප්‍රජාව දැඩි උත්සාහයක
2024-03-25 10:08:06
Share with:

ගාසා තීරයේ ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වන ලෙස ඊජිප්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි.

ඊජිප්තු ජනාධිපති Abdel Fattah El-Sisi මහතා ඊයේ(24) කයිරෝ අගනුවර සංචාරයකට එක්ව සිටි එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා සමග හමුවක් පැවැත්වීය. අනතුරුව ඊජිප්තු ජනාධිපති මන්දිරය ප්‍රකාශනයක් නිකුත් කරමින් කියාසිටියේ පලස්තීනුවන් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීමට දරන ඕනෑම උත්සාහයකට තම රට හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විරුද්ධ වන බවයි. එමෙන්ම දකුණු ගාසා තීරයේ රෆා නගරයේ සිදු කරන ඕනෑම යුද ක්‍රියාමාර්ගයකට එරෙහි වන බව  ද ඉන් අනතුරු අඟවා ඇත. කලාපය තුළ සාධාරණත්වය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ඇති එකම මාර්ගය “ද්වි-රාජ්‍ය විසඳුම” බව ද අවධාරණය කෙරේ.

වෙනත් වාර්තාවකට අනුව, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා ඊයේ(24) ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu සහ ජෝර්දානයේ දෙවන Abdullah රජු සමග වෙන් වෙන්ව දුරකථන සාකච්ඡාවලට එක්ව ඇත. දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමට ප්‍රංශය දැඩි විරෝධය පළ කරන බවත් ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම යුද අපරාධයක් බවත් එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම