පිලිපීන නෞකා දකුණු චීන මුහුදු කලාපයට නීතිවිරෝධීව පිවිසීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2024-03-25 17:06:54
Share with:

පිලිපීන නෞකා චීනයේ Ren’ai ගල්පර‍ය ආශ්‍රිත මුහුදු කලාපයට  නීතිවිරෝධීව පිවිසීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය පළ වේ. පිලිපීනයේ චීන තානාපති කාර්යාලය, එරට විදේශ අමාත්‍යාංශයට අද (25) මේ බව දැනුම් දී ඇත.

චීනයේ තදබල විරෝධය සහ අනතුරු ඇඟවීම් නොසලකා, පිලිපීනයේ සැපයුම් නෞකාවක් සහ නාවික පොලිස් නැව් දෙකක් පසුගිය 23 වැනිදා Ren’ai ගල්පරය හා Nansha දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධීව ඇතුළු වී තිබේ. චීන වෙරළාරක්ෂක බලකාය නීත්‍යනුකූලව ක්‍රියා කරමින් පිලිපීන පාර්ශ්වයේ ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට සමත් විය.

Ren’ai ගල්පරය හා Nansha දූපත් සමූහය ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල අවිවාදී ස්වෛරීභාවය තම රට සතු බව චීනය අවධාරණය කරයි. දකුණු චීන මුහුදේ චීනය සතු ස්වෛරීභාවය සහ අයිතිවාසිකම් පිළිබඳ දිගු ඉතිහාසයක් මෙන්ම එය සනාථ කළ හැකි ආකාරයේ ඓතිහාසික හා නීතිමය පදනමක් ද පවතී. නීති උල්ලංඝනය කිරීමේ හා ප්‍රකෝප කිරීමේ මෙවැනි ක්‍රියා වහා නතර කරන ලෙසත්, දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තම රට සමඟ එක්ව ප්‍රයෝගික ව ක්‍රියා කරන ලෙසත්, චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී.

මේ අතර , පිලිපීන නෞකා චීනයේ Ren’ai ගල්පර‍ය ආශ්‍රිත මුහුදු කලාපයට නීතිවිරෝධීව පිවිසීම සම්බන්ධයෙන් චීන නියෝජ්‍ය විදේශ ඇමති Chen Xiaodong මහතා පිලිපීන නියෝජ්‍ය විදේශ ඇමතිනි Theresa Lazaro මහත්මිය වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් දැඩි අප්‍රසාදය පළ කළේ ය. පිලිපීනයේ එම ක්‍රියාකලාපය චීනයේ භෞමික ස්වෛරීභාවය බරපතල උල්ලංඝනය කිරීමක් පමණක් නොව කලාපීය සාමය හා ස්ථාවරත්වය ද දැඩි ලෙස හානි කර ඇතැයි Chen Xiaodong මහතා එහිදී ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම