ප්‍රාථමික සිසුන්ට උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහන ඇරඹේ
2024-03-25 17:02:17
Share with:

ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසු දරුවන් සඳහා උදේ ආහාර වේල ලබාදීමේ වැඩසටහන ඇරඹේ. නිරෝගී, ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ එය ක්‍රියාත්මකයි.

මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී අද (25) පෙරවරුවේ පැවැත්විණ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් පෙරවරු 7.30 -  8.30 අතර කාලය තුළ මෙම ආහාර වේල ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍ය ආරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම කෙරෙහි ද අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු ව තිබේ.

පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම,  දෛනික පැමිණීම නංවාලීම, යහපත් ආහාර හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම මෙන්ම දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම මෙම වැඩසටහනේ මූලික අරමුණු අතර වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි 1,660 කි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම