අගමැති චීනය බලා පිටත්වෙයි
2024-03-25 15:38:05
Share with:

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පස් දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව යයි. ඔහු ඊයේ (24) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරි පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන්නේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ විශේෂ ආරාධනයක් අනුව යි. මෙම සංචාරය අතරතුර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමග මෙම චාරිකාවට එක්ව සිටිති.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම