සෞඛ්‍ය සේවාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් පුළුල් සංවාදයක් අවශ්‍ය බව ජනපති කියයි
2024-03-25 15:41:04
Share with:

නවීන වෛද්‍ය සේවාවන්ට ගැලපෙන පරිදි නව තාක්ෂණය සමග අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් ඇරඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග 23 වැනිදා පැවති හමුවක දී ය.

ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කිරීමේ අවශ්‍යතාව හෙතෙම මෙහිදී අවධාරණය කළේය. එසේම, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්‍ය සේවාව සඳහා යොදාගත යුතු බවත්, ඉදිරි වසර 10 තුළ නව පරිවර්තනයන් සිදුකිරීමට අදාළ සැලසුම් සකස් කිරීම උදෙසා ක්ෂේත්‍රයේ සියලුදෙනා සමඟ පුළුල් සංවාදයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

ඒ සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දුන් ජනාධිපතිවරයා මෙම සියලු සාකච්ඡා දේශපාලනීකරණයෙන් තොරව ප්‍රායෝගිකව පැවැත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම