චීන - නාවුරු ජනපතිවරුන් අතර හමුවක්
2024-03-25 18:44:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නාවුරු ජනාධිපති David Adeang මහතා හමුවෙයි. එම හමුව අද (25) සවස බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී පැවැත්විණ.‍

පසුගිය ජනවාරි මාසයේ චීනය සමග යළි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට නාවුරු රාජ්‍යය ගත් තීරණය මත චීන-නාවුරු සම්බන්ධතා නව ඓතිහාසික අදියරකට පිවිස ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී කියා සිටි‍යේ ය. සමානාත්මතාවට මුල් තැන දීම චීන රාජ්‍යතාන්ත්‍රිකත්වයේ කැපීපෙනෙන ලක්ෂණයකි. නාවුරු රාජ්‍යයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් දේශපාලන කොන්දේසි රහිතව ආධාර ලබාදීමට චීනය සූදානම් බව ද ජනාධිපතිවරයා පැවසීය. චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට නාවුරු රාජ්‍යය පිළිගන්නා බවත්, වෙළඳ, ආයෝජන හා යටිතල පහසුකම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නාවුරු රාජ්‍යය සමග සහයෝගිතා පැවැත්වීමට කැමති බවත් ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

ලොකු හෝ කුඩා ඕනෑම රටක් චීනය සම සේ සැලකීම අගය කරන බව David Adeang මහතා එහිදී පැවසීය. චීනය සමග යළි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමෙන් පසු දෙරට අතර සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, චීනයේ සංවර්ධන අත්දැකීම් අධ්‍යයනය කිරීමටත් අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටී. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක්වෙමින් චීනය සමග වඩාත් ඵලදායී, පොදු ජයග්‍රහණ සහිත හවුල්කාරීත්වයක් ගොඩනැගීමට සිය රජය බලාපොරොත්තු වන බව ද David Adeang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම