ප්‍රංශය ත්‍රස්ත විරෝධී ආරක්ෂක අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට නංවයි
2024-03-25 09:34:55
Share with:

ප්‍රංශය මුහුණ දෙන ත්‍රස්ත ප්‍රහාර තර්ජන ඉහළ යාම හේතුවෙන් රටේ ත්‍රස්ත විරෝධී ආරක්ෂක අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට නංවා ඇතැයි ප්‍රංශ අග්‍රාමාත්‍ය Gabriel Attal මහතා ඊයේ(24)පැවසීය. 

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා 24 වනදා හදිසි කැබිනට් මණ්ඩල ආරක්ෂක රැස්වීම පවත්වා රුසියාවේ මොස්කව් නගරාසන්න ප්‍රදේශයේ ප්‍රසංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ එයින් ඇති වූ බලපෑම් පිළිබඳව සාකච්ඡා කර තිබේ. අයි. එස්. අන්තවාදී සංවිධානය එම ත්‍රස්තවාදී ප්‍රහාරය දියත් කළ බව ප්‍රකාශ කර තිබීම හා ප්‍රංශය මුහුණ දෙන ත්‍රස්ත ප්‍රහාර තර්ජන පිළිබඳව සලකා බලමින් රටේ ත්‍රස්ත විරෝධී ආරක්ෂක අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට නැංවීමට තීරණය කළ බව රැස්වීමෙන් පසු Gabriel Attal මහතා සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේය. 

පැරිස් ගිම්හාන සෘතු ඔලිම්පික් උළෙල එළඹෙන මාස 4කින් පසුව ආරම්භ වීමට නියමිතය. ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාර තර්ජන අඛණ්ඩව ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.    

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම