ඇමරිකාවේ චිකාගෝ නගරයේ අපරාධ ඉහල යාම පිළිබඳ අනතුරු ඇඟවීමක්
2024-03-25 14:51:42
Share with:

 ඇමරිකාවේ චිකාගෝ නගරයේ පසුගිය 23වනදා අවම වශයෙන් ගිනි අවි සමග පැමිණ පැහැර ගැනීම් හයක් සිදු කර ඇති බව ඇමරිකානු ඒ.බී.සී ගුවන්විදුලිය වාර්තා කරයි.

ප්‍රාදේශීය පොලීසිය අපරාධ ඉහල යාම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි ද ඊයේ(24)පළ වූ අදාල වාර්තාවේ සඳහන් වේ.

ගිනි අවි සමග පැමිණි පිරිස් පැහැර ගැනීම්වලින් අනතුරුව තද පැහැති මෝටර් රථයකින් පලා ගොස් ඇත. සිද්ධිය පිළිබඳ විමර්ෂණ සිදුකෙරෙන අතර කිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම