තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී
2024-03-25 20:02:42
Share with:

චීනයේ හොංකොං හි ජාතික ආරක්ෂක ආඥාපනතට ඇමරිකාව  නැවත නැවතත් අපහාස කිරීම සම්බන්ධයෙන්, දැඩි කනස්සල්ල සහ විරෝධය ප්‍රකාශ කරන බව, චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

හොංකොං හි ජාතික ආරක්ෂක ආඥාපනත, එහි වැසියන්ට මෙන්ම හොංකොං හි සිටින ඇමරිකානුවන්ට හා සමාගම්වලට පුළුල් පරාසයක බලපෑමක් එල්ල කරනු ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken පසුගිය දා පැවසූ බවට වාර්තා පළවිය. මෙය හොංකොං හි ඉහළ ස්වයං පාලනයක් පවත්වා ගැනීම සඳහා චීනය දරන ජාත්‍යන්තර ප්‍රයත්නයට පටහැනි බව ද ඔහු පවසා තිබේ.

මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා පෙන්වා දුන්නේ, හොංකොං හි ජාතික ආරක්ෂක ආඥාපනත, ජාතික ආරක්ෂාව සහතික කරන අතර ම, අයිතිවාසිකම්, නිදහස සහ ආර්ථික සංවර්ධනය තහවුරු කරන බවයි. මානව හිමිකම්වලට ගරු කරන හා එම හිමිකම් සුරකින මෙම ආඥාපනත හොංකොං හි ඉහළ ස්වයං පාලනයට කිසිසේත්ම අයහපත් බලපෑමක් එල්ල නොකරයි. හොංකොං හි සියලු සමාජ මට්ටම්වල පැවැත්මට මෙය බෙහෙවින් සහාය වන බව ද Lin Jian මහතා කියාසිටියේය.

හොංකොං හි පාලනය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, ඒ සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීමට කිසිදු විදේශ රටකට අයිතියක් නොමැත. ඇමරිකාව ජාත්‍යන්තර නීතියේ මූලධර්මවලට සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන්ට අනුකූල විය යුතු බවත්, හොංකොං ඇතුළු චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම වහාම නතර කළ යුතු බවත්, Lin Jian මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම