චීන ජනපති ආර්යාව Hu nan පළාතේ Chang sha නගරයේ බිම් මට්ටමේ ක්ෂය රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීමේ තත්ත්වය නිරීක්ෂණය කරයි
2024-03-24 16:08:09
Share with:

චීන ජනපති ආර්යා සහ TB සහ HIV/AIDS සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුහද තානාපතිනි Peng Liyuan මහත්මිය චීනයේ Hunan පළාතේ Changsha නගරයේ බිම් මට්ටමේ ක්ෂය රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීමේ තත්ත්වය නිරීක්ෂණය කරයි.

එම නගරයේ Yuhua දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයේදී Peng Liyuan මහත්මිය ප්‍රාදේශීය සෞඛ්‍ය දැනුම ප්‍රචාරක කටයුතුවල තත්ත්වය හඳුන්වාදීමට සවන් දුන් අතර එහි ක්ෂය රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීමේ පද්ධති හා යාන්ත්‍රණ සංවර්ධනය පිළිබඳව ද තොරතුරු විමසුවාය. ක්ෂය රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර පිළිබඳ දැනුම ප්‍රජා පදිංචිකරුවන් හා යෞවනයන් අතර මනාව ප්‍රචලිත කිරීම සඳහා ප්‍රචාරකයින් සහ ස්වේච්ඡා සේවකයන් ලෙස එක්ව කටයුතු කරන මෙන් Peng Liyuan මහත්මිය එහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියාය.

එසේම Peng Liyuan මහත්මිය එහි බිම් මට්ටමේ වෛද්‍ය සේවකයින් වෙත ගොස් ඔවුන්ගේ සේවය අගය කරමින් බිම් මට්ටමේ ක්ෂය රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා කළමනාකරණය පිළිබඳව දැන ගෙන තිබේ. ක්ෂය රෝගය තුරන් කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇය එහිදී පැවසුවාය.

අද(24) 29 වැනි ලෝක ක්ෂය රෝග දිනයයි. චීනයේ ප්‍රචාරක තේමාව වන්නේ "ක්ෂය රෝගය අවසන් කිරීමට ඔබත් මමත් එක්ව උත්සාහ කරමු" යන්නයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම