“මුල්‍ය කටයුතු පිළිබඳ ෂී ජින් පිං ගේ කථා සාරාංශය” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ
2024-03-24 19:07:49
Share with:

“මුල්‍ය කටයුතු පිළිබඳ ෂී ජින් පිං ගේ කථා සාරාංශය” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.

මෙම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ සාහිත්‍ය පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කර තිබේ. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරිනු ලබයි.

ෂී ජින් පිං මහතා මූල්‍ය කර්මාන්ත සංවර්ධනයේ ප්‍රධාන න්‍යායික හා ප්‍රායෝගික ගැටළු පිළිබඳ වැදගත් ප්‍රකාශ මාලාවක් සිදු කළ අතර, එමඟින් මූල්‍ය කටයුතුවල අත්‍යවශ්‍ය නීති සහ සංවර්ධන මාර්ග පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ අවබෝධය නව තලයකට ගෙන එන ලදි. ඒ අතරම, නව යුගයේ චීන ලක්ෂණ සහිත මූල්‍ය සංවර්ධනයේ මාවත නොසැලී අනුගමනය කිරීම සහ උසස් තත්ත්වයේ මූල්‍ය සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් ය.

මෙම කථා සාරාංශය මාතෘකා 10 කට බෙදා ඇති අතර, 2012 වසරේ නොවැම්බර් සිට 2024 වසරේ පෙබරවාරි දක්වා ෂී ජින් පිං මහතාගේ වාර්තා, කථා, පැහැදිලි කිරීම් සහ දේශන ඇතුළු වැදගත් ලේඛන 120කට වැඩි ගණනකින් එය සමන්විතය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම