පිලිපීනයේ ප්‍රකෝපකාරී ප්‍රයත්නයන්ට ගම්භීර ප්‍රතිචාරයක් දක්වන බව චීනය කියයි
2024-03-24 16:09:07
Share with:

පිලිපීනයේ ප්‍රකෝපකාරී ප්‍රයත්නයන්ට ගම්භීර ප්‍රතිචාරයක් දක්වන බව චීනය පවසයි.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා ඊයේ(23) මේ බව පැවසුවේ, චීනයේ Ren’ai ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නීති-විරෝධී ලෙස නැංගුරම් ලා ඇති පිලිපීන යුද නෞකාවට සැපයුම් ලබා දීමට වෑයම් කළ එරට නෞකා චීන වෙරළාරක්ෂක බලකාය විසන් පලවා හරනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. චීන වෙරළාරක්ෂ බලකායේ ක්‍රියාව නීත්‍යනුකූල ය. මෙම සිද්ධිය පිලිපීනය සිදු කර ඇත්තේ අත්‍තනෝමතික අයුරෙනි. Ren’ai ගල්පරය ඇතුළු Nansha දූපත් සමූහය හා ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල අවිවාදී ස්වෛරීභාවය චීනය සතු බව Wu Qian මහතා අවධාරණය කළේය. චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට හානි කළ නොහැකිය. පිලිපීනය තවදුරටත් චීනයේ උපරිම සීමා ඉක්මවමින් ප්‍රකෝපකාරී ක්‍රියා සිදු  කරන්නේ නම් චීනය ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ජාතිකාරක්ෂ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම