රුසියාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකි
2024-03-24 17:08:22
Share with:

රුසියාවේ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත වන අතර ශිෂ්ඨ සමාජය තුළ ඊට ඉඩක් නොමැති බවය.

එසේම, තුවාල ලැබූ සියලු‍ම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව විපතට පත් වූවන්ගේ පවුල්වලට, මහජනතාවට සහ රුසියානු රජයට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවද එම නිවේදනයේ සඳහන් ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම