රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට
2024-03-24 17:06:29
Share with:

රුසියාවේ පසුගිය 22වැනි දා රාත්‍රියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 143ක් දක්වා ඉහළ යයි.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ඊයේ(23) ජාතිය අමතමින් පැවසුවේ එම ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් සහගත, සාමාන්‍ය ජනතාවට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් බවයි. ප්‍රහාරය එල්ල කළ  සිව්දෙනා අත්අඩංගුවට පත්ව ඇත. යුක්රේනයට පලායාමට ඔවුහු උත්සාහ කළහ. මූලික තොරතුරුවලට අනුව, ඔවුන්ට පලා යාමට යුක්රේනය පහසුකම් සලසා දී තිබේ. එහි ප්‍රහාරකයන්, සංවිධායකයන් හා සැලසුම් කරන්නන් සියලු දෙනාට එරෙහිව දඬුවම් පැමිණවිය යුතු බව ද පුටින් මහතා කියා සිටියේය. අද(24) ජාතික ශෝක දිනයක් බවට ද හෙතෙම ප්‍රකාශයට පත් ක‍ළේය.

රුසියාවේ නිල දත්තයන්ට අනුව ඊයේ(23) දක්වා, එම ප්‍රහාරයෙන් පුද්ගලයෝ 133දෙනෙක් මිය ගියහ. එරට Rossiya Segodnya ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඉන් මිය ගිය සංඛ්‍යාව 143ක් දක්වා ඉහළට ගොස් ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම