මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බව ජනාධිපතිවරයා පවසයි
2024-03-24 17:05:01
Share with:

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පියවර ගෙන ඇත.

පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබීය.

මැතිවරණ නීති රීති පිළිබඳ පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම පරීක්ෂණ කොමිෂන් සභාවට පවරා තිබේ.

කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා කාලය අඩු කිරීම, ඡන්දය භාවිත කිරීමේ දී නවීන තාක්ෂණය යොදා ගනිමින් ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ කමිටුවට උපදෙස් ලබා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම