චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික සමුළුව අමතයි
2024-03-24 14:58:38
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද (24) බෙයිජිං හි පැවති චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළේය.

මෙම වාර්ෂික සමුළුවේ තේමාව “චීනයේ තිරසර සංවර්ධනය” බව Li Qiang මහතා පැවසීය. එය චීනයේ දිගුකාලීන ආර්ථික සංවර්ධනය පිළිබඳ වෛෂයික විස්තරයක් පමණක් නොව, චීනයේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ උසස් තත්ත්වයේ සංවර්ධන අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරන බව හෙතෙම පැවසීය.

වර්තමානයේ ජාත්‍යන්තර පරිසරය ප්‍රබල වෙනස්කම්වලට ලක්වෙමින් පවතින අතර ලෝක ආර්ථික සංවර්ධනය දැඩි අභියෝග රැසකට මුහුණ දී ඇති බව Li Qiang මහතා පෙන්වා දුන්නේය. ප්‍රායෝගික හා ඵලදායී ක්‍රියාමාර්ග සමඟින් චීනය උසස් තත්ත්වයේ සංවර්ධනයක් ප්‍රවර්ධනය කරන බවත් ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිය සහ ස්ථාවර සංවර්ධනය සඳහා වඩාත් නිශ්චිතභාවය සහ ධනාත්මක ශක්තිය ලබා දී තිබෙන බවත් හෙතෙම පැවසීය.

මෙම වාර්ෂික සමුළුව චීන රාජ්‍ය මණ්ඩලයේ සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සංවිධාන කර තිබේ. මෙවර සමුළුව දින දෙකක් පුරා පැවැත්විමට නියමිතය. සමුළුවට සහභාගී වන සියලුම පාර්ශ්වවල නියෝජිතයින් චීනයේ තිරසර සංවර්ධනයේ ගම්‍යතාව සහ අපේක්ෂාවන්, කාබන් මධ්‍යස්ථභාවය සහ ගෝලීය දේශගුණ පාලනය, කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ පාලනය, නව පරිභෝජනය සහ දේශීය ඉල්ලුමේ විභවය මුදා හැරීම ඇතුළු ප්‍රධාන තේමා අටක් යටතේ අදහස් හුවමාරු කර ගනිමින් සම්මුතියකට  එළඹෙනු  ඇත. ලෝක බැංකු අධිපති Ajay Banga මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනි Kristalina Georgieva මහත්මිය මෙන්ම දේශීය හා විදේශීය විශේෂඥයින් සහ විද්වතුන්, ව්‍යවසායකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු 400 ක පමණ පිරිසක් එම සමාරම්භක උත්සවයට සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම