ගිනි තබන්නා ද ගින්නේ හානි වනු ඇති බවට චීනයෙන් පිලිපීනයට අනතුරු ඇඟවීමක්
2024-03-23 15:14:36
Share with:

ගිනි තබන්නා ද ගින්නේ හානි වනු ඇති බවට චීනය පිලිපීනයට අනතුරු ඇඟවයි. චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා අද(23) මේ බව පැවසීය.

පිලිපීනය සිය පොරොන්දු කඩකර දින 18කට පමණක් පසු යළි අත්තනෝමතික ව සිය වෙරළාරක්ෂක නෞකා 2ක් හා නඩත්තු සැපයුම් ප්‍රවාහන නෞකාවක් චීනයට අයත් Ren’ai ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට යවා ඇති බව Gan Yu මහතා කීය. එම මුහුදු ප්‍රදේශයේ නීති-විරෝධී අයුරින් නැංගුරම් ලා සිටින එරට නෞකාවට අනිසි ක්‍රමයෙන් නඩත්තු සැපයුම් ලබා දීමට ඔවුන් උත්සාහ දරා ඇත. දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වයට අනිසි බලපෑම් එල්ල කිරීම පිලිපීනයේ අරමුණය. චීනයේ අනතුරු ඇඟවීම් නොතකූ එම පිලිපීන නෞකා චීන වෙරළාරක්ෂක බලකාය විසින් නීත්‍යනුකූල අන්දමින් පලවාහැර තිබේ.

චීන වෙරළාරක්ෂක බලකාය සිය භෞමිත අඛණ්ඩතාව හා සමුද්‍ර අයිතිවාසිකම් තරයේ ම සුරකින බව ද වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම