දිනෙන් දින වර්ධනය වන බෝයිං සමාගමේ ගුවන් යානා ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු
2024-03-23 18:52:14
Share with:

බෝයිං සමාගම සිය ගුවන් යානා ගුණාත්මකභාවයේ පාලනය සම්බන්ධයෙන් ගැටළු ඇතැයි පිළිගන්නා බව මෑතකදී, ඇමරිකානු ප්‍රවාහන ලේකම් Pete Buttigieg සහ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ අධ්‍යක්ෂ Mike Whitaker ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ජනතාව අවධානය යොමු කරන අදාළ විසඳුම් ක්‍රියාමාර්ග සහ ඇමරිකානු රජයේ නියාමන වගකීම්  සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම ප්‍රතිචාර දක්වා නොමැත. බාහිර ලෝකයෙන් මතුව සැකය සහ කෝපය සමනය කිරීමට කිසිවක සිදුව නොමැත.

"මට මොනවා හරි උනොත් මම අනිවාර්යයෙන්ම සියදිවි නසා ගන්නේ නැහැ" යනුවෙන් විශ්‍රාමික බෝයිං සමාගමේ සේවකයෙකු වන ජෝන් බාර්නට් මීට දින කිහිපයකට පෙර ඔහුගේ මිතුරා සමඟ පැවැත්වූ සංවාදයකින් හෙළිදරව් විය. ඔහු පසුගිය 9 වැනිදා ට්‍රක් රථයක මිය ගියේය. එය "වෙඩි තබා සියදිවි නසාගැනීමක්" ලෙස ඇමරිකානු පොලීසිය ප්‍රකාශ කළේය. මෙමගින් බෝයිං වටා ඇති අභිරහස තවදුරටත් වර්ධනය වී ඇත.

මෙම වසරේ ආරම්භයේ සිටම බෝයිං සමාගම ආරක්ෂිත ගැටළු රැසකට මුහුණ දී ඇත. ඒ අනුව, ජනවාරි සහ පෙබරවාරි මාස තුළ බෝයිං සමාගමේ ගුවන් යානා අනතුරු 6ක් සිදුවී ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ද කිසියම් සිදුවීමක් හේතුවෙන් ඔහුගේ සංචාරය අතරතුර ගුවන් යානා වෙනස් කළේය.

බෝයිං ගුවන් යානා නිෂ්පාදනයේ අවුල් හා ගැටළු දිගු කලක් පුරා පවතින අතර, ඊට හේතු වන්නේ ගුණාත්මක භාවයට වඩා කොටස් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීම, නායකත්වයේ සිදුවන නිරන්තර වෙනස්වීම් සහ වගවීම් යාන්ත්‍රණයන් නොමැතිකම යැයි විශ්ලේෂකයෝ විශ්වාස කරති.

ඇමරිකානු රජයේ අදාළ දෙපාර්තමේන්තු වල අධීක්ෂණයක් නොමැතිවීම බෝයිං හි පියාසැරි ගැටළු ඇති කරන මූලික සාධකයයි. දශක ගනනාවක් පුරා, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මුදල් ඉතිරි කිරීම සඳහා බෝයිං සහ අනෙකුත් ගුවන් යානා නිෂ්පාදකයින්ට ගුවන් යානා ආරක්ෂණ සහතික කිරීම  බාහිර පාර්ශ්වයන් හරහා සිදුකර ඇත. එය "විනිසුරු බලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතට පත් කිරීමට" සමාන වේ.

ඇමරිකානු අදාළ පාර්ශ්වයන් ගුවන් යානා පිළිබඳ ගැටළු මඟහැර වගකීම් පැහැර නොහැරිය යුතු අතර, සියළු උත්සුකයන්ට ප්‍රායෝගිකව ප්‍රතිචාර දැක්විය යුතු බව Bloomberg ඇතුළු මාධ්‍ය පවසා ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම