චීන ඇන්ගෝලා සබඳතා ඇන්ගෝලා ජනාධිපතිවරයා ඉහළින් අගය කරයි
2024-03-23 18:58:23
Share with:

දුෂ්කරතාවන්ට මුහුණ දූන් ඇන්ගෝලාවට සහාය දීම සම්බන්ධයෙන් චීනයට ස්තූතිය පළ කරන අතරම ඇන්ගෝලාවේ ආයෝජනය කිරීමට චීන සමාගම් සාදරයෙන් පිළිගන්නා බව ඇන්ගෝලා ජනාධිපති João Lourenço මහතා පවසයි.

හෙතෙම මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

ඇන්ගෝලාව දැඩි දුෂ්කරතාවන්ට හා පශ්චාත් ප්‍රතිසංස්කරණයට  මුහුණ දූන් අවස්ථාවේ චීනය ආධාර කිරීම පමණක් නොව, නව කොරොනා වසංගතයට මුහුණ දුන් ඇන්ගෝලාවට චීනය නැවත වරක් සහාය දුන් බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

පසුගිය වසරේ පැවති චීන-අප්‍රිකා නායක සංවාදයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අප්‍රිකාවේ ඒකීකරණය හා නවීකරණයේ සංවර්ධනය සඳහා පියවර තුනක් යෝජනා කළේය. මෙය වැදගත් අනුබලයක් වන අතර එය චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය සාකච්ඡා කළ කරුණුවල සවිස්තර විසඳුම් සපයන බව João Lourenço මහතා කියා සිටී.

පසුගිය වසර අවසානයේ සිට, චීනය ඇන්ගෝලාව ඇතුළු රටවල් හයක නිෂ්පාදනවලින් 98% ක් සඳහා ශුන්‍ය තීරුබදු ප්‍රතිකර්ම ක්‍රියාත්මක කර ඇත. මෙමඟින් තම රටේ නිෂ්පාදන චීනය ඇතුළු විශාල වෙළඳපොළට ප්‍රවේශ කිරීමට හැකි වන අතර මෙම පියවර තමා අගය කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අනාගතයේදී දෙරට වඩාත් සමීප හා ඉහළ මට්ටමේ පොදු ඉරණම සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් අඛණ්ඩව ගොඩනගනු ඇතැයි හෙතෙම විශ්වාස කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම