සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යනුකූල අයිතිය හිමි විය යුතු බව ජනාධිපතිවරයා පවසයි
2024-03-23 16:13:23
Share with:

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යනුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම