රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකී
2024-03-23 18:24:10
Share with:

රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය චීනය දැඩි ලෙස හෙළා දකී. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අද(23) මේ බව පැවසීය.

ඉන් මිය ගිය පුද්ගලයන් වෙත දැඩි ශෝකය පළ කරන අතර, ඔවුන්ගේ ඥාතීන්ටත් තුවාල ලැබූ පුද්ගලයන්ටත් චීනය සංවේගය පළ කරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. කවර හෝ ත්‍රස්තවාදයට විරුද්ධ වන චීනය, රුසියානු රජය රටේ ආරක්ෂාව හා ස්ථාවරත්වය සුරැකීමට දරන වෑයම්  වෙනුවෙන් ස්ථිර  අනුබලය ලබා දෙන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම