චීන-ඩොමිනිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 20වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරටේ රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම්
2024-03-23 15:22:07
Share with:

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 20වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ඩොමිනිකා රාජ්‍යයේ ජනාධිපතිනි Sylvanie Burton මහත්මිය සුබ පැතුම් හුවමාරු කර ගනිති. එම සුබ පැතුම් පණිවුඩ අද(23) හුවමාරු කර ගැනිණ.

චීනය හා ඩොමිනිකා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවා ගතවූ වසර 20 තුළ, දෙරට සබඳතාව ඉහළ මට්ටමක පවතින බව ෂී ජින්පිං මහතා සිය පණිවුඩයෙන් පෙන්‍වා දෙයි. ප්‍රතිලාභදායී ප්‍රගතීන් රැසක් ලබා ගෙන ඇති අතර දෙරට ජනතාවගේ මිතුදම ද ක්‍රමයෙන් තහවුරු වී ඇත. දෙරට සබඳතාව ඉහළින් සලකන තමා Sylvanie Burton මහත්මිය සමග එක්ව 20වැනි සංවත්සරය නව ආරම්භක ස්ථානයක් ලෙසට ‍ගෙන දෙරට අතර විවිධ ක්ෂේත්‍ර සහයෝගිතා සහතික කිරීමට කැමති බව චීන ජනාධිපතිවරයා කියා සිටී. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්‍රයත්න යටතේ ගුණාත්මක අයුරින් ගොඩනගමින් දෙරට අතර වඩාත් සුන්දර අනාගතයක් තහවුරු කිරීමට සූදානම් බව ද ෂී ජින්පිං මහතා සිය පණිවුඩයේ සඳහන් කරයි.

චීනය හා පවතින මිතුදම තම රට අගය කරන බව Sylvanie Burton ජනාධිපතිවරිය පවසයි. චීනය සිය රටට ලබා දුන් සහාය ඇයගේ පැසසුමට ලක්ව ඇත. චීනය සමග එක්ව සහයෝගිතා අඛණ්ඩ ව තහවුරු කරමින් ගෝලීය අභියෝගවලට පොදුවේ මුහුණ දීමට තම රට සූදානම් බව ඇය සිය පණිවුඩයේ සඳහන් කරයි.

මේ අතර, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා ඩොමිනිකා රාජ්‍යයේ අග්‍රාමාත්‍ය Roosevelt Skerrit මහතා ද අද(23) සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම