රුසියාවේ මොස්කව් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ‍‍ට
2024-03-23 14:58:03
Share with:

රුසියාවේ මොස්කව් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ යයි.  ප්‍රහාරයෙන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මුළදී  ප්‍රකාශ වුවද ‍එය මේවන විට 70ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රුසියානු පරීක්ෂණ කමිටුව සඳහන් කරයි. මියගිය අයගේ සිරුරු පරීක්ෂා කෙරෙමින්  පවතින බවද එම කමිටුව කියා සිටී. අපරාධ ස්ථානයෙන් ආයුධ සහ පතොරම් ඇතුළු ද්‍රව්‍යමය සාක්ෂි රැස්කර තිබේ. අවශ්‍ය සියළු පරීක්ෂණ සඳහා උපදෙස් දී ඇති අතර ජාන, ඇඟිලි සලකුණු පරීක්ෂණ දැනටමත් සිදු කෙරෙමින් පවතින බවද රුසියානු පරීක්ෂණ කමිටුව කියා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම