ඊශ්‍රායලය ගාසා හී සිවිල් වැසියන් ඉලක්ක කරමින් එල්ල කර ඇති බවට සැක කෙරෙන ප්‍රහාරයක් සම්බනධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් මහ‍ ලේකම්වරයා ගෙන් ඉල්ලීමක්
2024-03-23 15:30:00
Share with:

ඊශ්‍රායලය ගාසා හී සිවිල් වැසියන් ඉලක්ක කරමින් එල්ල කර ඇති බවට සැක කෙරෙන ප්‍රහාරයක් සම්බනධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ‍ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් මහතා පවසයි. සිවිල් වැසියන් ඉලක්ක කරමින් එල්ල කෙරෙන ප්‍රහාරයක් දැක්වෙන ‍ඩ්‍රෝන වීඩියෝවක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්විය යුතු බව හෙතෙම පවසා ඇත. එම වීඩියෝව දැකීමෙන් මහ ලේකම්වරයා දැඩි කණස්සල්ලට පත්ව ඇතැයි ඔහුගේ නියෝජ‍්‍ය ප්‍රකාශකයා පවසා ඇත.මාර්ගයේ නිරායුධව ඇවිදිමින් සිටි පලස්තීන වැසියන් සිව් දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රාහාරයකින් ජීවිතක්ෂයට පත්වන අයුරු එම වීඩියෝවේ දැක්වේ. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ස්වාධීන හා විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මහ ලේකම්වරයා ඉල්ලා තිබේ. ගැටුම්වලට සම්බන්ධ සියළු පාර්ශ්ව ජාත්‍යන්තර නීතිය අනුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද මහ ලේකම්වරයා විසින් අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම