ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව ආදර්ශයක් බවට පත්වූ බෙයිජිංහී පැවති ජාත්‍යන්තර සංසදය
2024-03-23 16:11:53
Share with:

මෑතකදී, චීනයේ ‍බෙයිජිං හි පැවති “ප්‍රජාතන්ත්‍රවාදය:සමස්ත මානවයාගේ පොදු වටිනාකම” යන මැයෙන් යුත් 3වැනි ජාත්‍යන්තර සංසදයේදී, විවිධ රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ 200 කට වැඩි පිරිසක් “ප්‍රජාතන්ත්‍රවාදය හා පාලනය පිළිබඳ නවීකරණය” සහ “බහු ධ්‍රැවීය ලෝකයක ප්‍රජාතන්ත්‍රවාදය සහ ගෝලීය පාලනය” වැනි උණුසුම් මාතෘකා පිළිබඳව ගැඹුරු සාකච්ඡා පැවැත්වූහ.

ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණ සමස්ත මානව වර්ගයාගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම බව ඔවුන්ගේ මතය විය. සියලුම රටවල ජනතාවට තම සංවර්ධන මාවත තෝරා ගැනීමට ඇති අයිතියට ගරු කළ යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ බෙදීම් ඇති කිරීමට, අගතිය පතුරවීමට, සාමය කඩ කිරීමට  විරුද්ධ විය යුතු බවත් ඔවුහූ ප්‍රකාශ කළහ.

ඒ මෙන්ම  ඇමරිකාව විසින් “බාහිරකරණය” කරන ලද, දකුණු කොරියාව විසින් පවත්වන ලද තුන්වන “ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව” අවාසනාවන්ත ලෙස අවසන් විය. එය ආරම්භක ප්‍රචාරණයේ සිට දැන් අවධානය යොමු නොවන දෙයක් දක්වා, ඇමරිකාව විසින් සැලසුම් කළ  ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව” නිශ්චිතවම ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාසය කඩ කිරීමේ පිළිබිඹුවකි.

මෑත වසරවලදී ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවුල් එකින් එක මතුවෙමින් තිබේ. අභ්‍යන්තර වශයෙන් සුළුතර ජනවාර්ගිකයන්ගේ අයිතිවාසිකම් යටපත් කර, ප්‍රාග්ධනය සහ දේශපාලකයන්ගේ ආත්මාර්ථකාමී උවමනාවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැහැරගෙන ඇති අතර,“කැපිටල් හිල් කෝලාහල” ලෝකය කම්පනයට පත් කළේය. බාහිර වශයෙන්, ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී රටවල් අතර ගැටුම් ඇවිලීම සිදු ක‍ර ඇත. මේ ආකාරයේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ ආධිපත්‍යය ලෝකයට ගැටුම් හා යුද්ධ නිර්මාණය කර ඇත.

බෙයිජිං හිදී පැවති මෙවර සංසදය ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රජාතන්ත්‍රවාදය මනාව අවබෝධ කර ගැනීමේ නව ආදර්ශයක් බවට පත්විය . ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවිධ අවබෝධයන් ඇති බවත් ඒ පිළිබඳ සංවාදයේ හා සන්නිවේදනයේ යෙදිය හැකි බවත් ඉන් සනාථ‍ වේ. එමගින් බටහිර රටවල අත්තනෝමතිකත්වය සහ බලහත්කාරය අසාර්ථක වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම