වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වර්ධනයක්
2024-03-23 16:10:02
Share with:

2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වර්ධනයක් සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

වෙළෙඳ භාණ්ඩ අපනයන වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 983.7ක් වූ අතර, එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 0.17%ක සාමාන්‍ය වර්ධනයකි.

එමෙන්ම 2024 පෙබරවාරි මාසයේ අපනයන කාර්ය සාධනය, 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% කින් වැඩි වී ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව, කෘෂිකාර්මික අපනයන 11.82%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 255.76 දක්වා ළඟා වී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම