යහපත් වෙමින් පවතින චීන ඔස්ට්‍රේලියා සබඳතා
2024-03-22 14:37:12
Share with:

පසුගිය දා චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විය.එම සංචාරය ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

චීනය හා ඕස්ට්‍රේලියාව විස්තීර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කර වසර 10ක් ගත වී තිබේ. 2018 වසරේ එවක ඕස්ට්‍රේලියානු රජය ඇමරිකාව චීනය මර්දනය කිරීමේ වැඩපිළිවෙළට එක්ව කටයුතු කළ බැවින් චීන-ඕස්ට්‍රේලියා සම්බන්ධතා පළුදු වීමට පටන් ගත්තේ ය.2022 වසරේ මැයි මාසයේ ඕස්ට්‍රේලියාවේ නව රජය සිය චීන ප්‍රතිපත්තිය යළි සකස් කිරීමෙන් පසු ද්විපාර්ශ්වික සම්බන්ධතා කෙමෙන් යථා තත්තවයට පත්ව ඇත.2023 වසරේ නොවැම්බර් මාසයේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කළේ ය.චීන විදේශ ඇමතිවරයා පසුගිය දා සිදු කළ ඕස්ට්‍රේලියානු සංචාරය චීනය ඊට දැක්වූ සක්‍රීය ප්‍රතිචාරයක් වශයෙන් සැලකේ.

චීන-ඕස්ට්‍රේලියානු සබඳතා තවත් ඉදිරියට ගෙන යාමට නම් දෙපාර්ශ්වය විශේෂයෙන් ඕස්ට්‍රේලියාව අවංක ආකල්පයක් දැක්විය යුතු බව දේශපාලන විචාරකයන් ගේ මතය වී තිබේ. දෙපාර්ශ්වය එකිනෙකට ගරු කරමින් මතභේද නිසියාකාරයෙන් හැසිරවීම අත්‍යවශ්‍ය බව ඔවුහූ පවසති. තායිවානය, හොංකොං, ෂින්ජ්‍යං සහ දකුණු චීන මුහුද ඇතුළු චීනයේ කෙන්ද්‍රීය යහපතට අදාළ කරුණුවලදී ඕස්ට්‍රේලියාව නිසි සැලකිල්ලක් දැක්විය යුතු බව චීන විදේශ ඇමතිවරයා මෙවර සංචාරයේදී අවධාරණය කර ඇත.ඕස්ට්‍රේලියාව ඇමරිකාවේ මිත්‍ර රාජ්‍යයක් පමණක් නොව චීනයේ ද හවුල්කරුවෙකි.ස්වෛරී රටක් වශයෙන් ඕස්ට්‍රේලියාව රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී සිය ස්වාධීනත්වය රැක ගත යුතු ය. එබැවින් චීන-ඕස්ට්‍රේලියානු සම්බන්ධතා කිසිදු පාර්ශ්වයකට අදාළ නොවන බව චීනය කියා සිටී.

යහපත් චීන-ඕස්ට්‍රේලියානු සම්බන්ධතාවක් දෙරටේ ජනතාවගේ පොදු යහපතට ගැලපේ.එය කලාපීය රටවල පොදු අපේක්ෂාවක් ද වේ. නිවැරදි දිශානතියකට ගමන් කළහොත් එම සම්බන්ධතාව තව තවත් ශක්තිමත් වනු ඇති බවට සැකයක් නැත.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම