තිරසර සංවර්ධනය වෙනුවෙන් සුරක්ෂිත AI පද්ධතියක අවශ්‍යතාව සහතික කරමින් එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කරයි
2024-03-22 11:42:43
Share with:

තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා සුරක්ෂිත මෙන්ම විශ්වසනීය AI හෙවත් කෘතිම බුද්ධි පද්ධතියක් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව සහතික කෙරෙන යෝජනාවක් ඊයේ(21) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත විය. 

විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් විවිධ ගෝලීය පොදු අභියෝගයන්ට මුහුණ දීමේ දී ඩිජිටල් පරිවර්තනය සහ එහි ප්‍රතිලාභ ලබා ගැනීමට සාධාරණ ප්‍රවේශයක් නිර්මාණය කිරීම, බාධා වැළැක්වීම, සුරක්ෂිත සහ විශ්වාසනීය AI පද්ධතීන්හි ප්‍රමිතිය පවත්වා ගැනීමේ අවශ්‍යතාව එම යෝජනාවෙන් අවධාරණය කෙරේ.මෙය සියලු සාමාජික රටවල් දිරිගන්වන අතර සෑම මට්ටමකම කාර්යක්ෂම AI පද්ධතියක් නිර්මාණය කිරීමට වැදගත් වනු ඇත. එමෙන්ම AI පද්ධතිවලට අදාළ නියාමන සහ පාලන පියවර සංවර්ධනය කිරීම සඳහා සහය ලබා දෙන ලෙස සියලුම කලාප සහ රටවලින් ඉල්ලා සිටී. AI පද්ධතීන්හි සමස්ත ක්‍රියාවලිය තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම එය‍ට ගරු කළ යුතු බව ද එමගින් අවධාරණය කරයි.AI පද්ධතිවල ජාත්‍යන්තර ප්‍රවේශයන්හි විකාශය සහ එහි භාවිතයන් වේගවත්ව සංවර්ධනය කළ හැකි පරිදි AI පාලන ක්ෂේත්‍රයේ වර්ධනයන් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීමේ වැදගත්කම ද එම යෝජනාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම