ශ්‍රී ලංකා බලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල එකඟතාවක්
2024-03-22 15:14:31
Share with:

ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ සහ කළමණාකාරිත්වයේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කළ යුතු බවත් දෙවැනි පියවර ලෙස ශ්‍රී ලංකා බලධාරීන් දෙවැනි සමාලෝචනයේදී එකඟවූ කැපවීම් ක්‍රියාත්මක කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම