චීන විදුලි වාහන ගෝලීයව ජනප්‍රිය වීමට හේතුව එහි තාක්ෂණික නවෝත්පාදනයන් සහ විශිෂ්ට ගුණාත්මකභාවය බව අවධාරණය කෙරේ
2024-03-22 17:16:22
Share with:


තම විදුලි වාහන ගෝලීයව ජනප්‍රිය වීමට හේතුව එහි තාක්ෂණික නවෝත්පාදනයන් සහ විශිෂ්ට ගුණාත්මකභාවය බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

මෑතකදී, යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයට අනුව, චීනයෙන් ආනයනය කරන ලද විදුලි වාහන රේගුවේ ලියාපදිංචි කළ යුතුය. අනාගතයේදී අදාළ වාහන සඳහා "පසුගාමී තීරුබදු" පැනවීමට ඉඩකඩ තිබෙන බව පැවසේ. බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව චීන විදුලි වාහන සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධී විමර්ශන හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම් විමර්ශන සිදු කිරීමට සූදානම් වේ.

ඒ සම්බන්ධයෙන් Lin Jian මහතා කියා සිටියේ, විදුලි වාහන යනු ගෝලීයකරණය වූ කර්මාන්තයක් වන අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගත හැක්කේ ශ්‍රම බෙදීම සහ සහයෝගීතාවයෙන් පමණක් බවයි. "සාධාරණ තරඟකාරීත්වය" සහ "ජාතික ආරක්ෂාව" යන නාමයෙන් ආරක්ෂණවාදයේ නියැලීම, වෙළඳපල ආර්ථිකයේ මූලධර්ම සහ ජාත්‍යන්තර වෙළඳ සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව හෙතෙම එහිදී පැවසීය.

නිෂ්පාදන කර්මාන්ත අංශයේ විදේශ ආයෝජන සඳහා පනවා තිබූ සීමාවන් චීනය සම්පූර්ණයෙන්ම ඉවත් කොට ගෝලීය වාහන ව්‍යවසායන් සඳහා සෑම විටම එහි දොර විවෘත කර ඇතැයි Lin Jian මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම