ආවේණික නවීකරණයක් අත්කර ගැනීම තිරසර පැවැත්මට හිතකරයි
2024-03-22 14:44:48
Share with:

ආසියානු ශතවර්ෂයේ කේන්ද්‍රය චීනය බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යානාංශයේ  මහාචාර්ය  විජිතපුරේ විමලරතන හිමියෝ පවසති. 21වැනි සියවස සම්බන්ධයෙන් පුළුල් අර්ථයෙන් ගත්විට එය ආසියාවේ ශත වර්ෂය ලෙසින් හැඳින්වේ. එසේ හැඳින්වීමට හේතුව ලෝක නිෂ්පාදනයන් ගෙන් සියයට 50කට වඩා නිශ්පාදනයක් සිදු කෙරෙනුයේ ආසියාවේ වන අතර ආසියාවේ බොහෝ රටවල් ඉතා වේගයෙන් සංවර්ධන ඉලක්ක සපුරමින් ආර්ථීක, තාක්ෂණික, දේශපාලනික වශයෙන් බොහෝ අංශවලින් වේගයෙන් ඉදිරියට යමින් පැවතීමය. චීනය එහි ‍තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටින රටකි. චීනය මෙම වසරේදී ඉටු කර ගැනීමට අපේක්ෂා කරන ආර්ථික වර්ධනය හා සෙසු ඉලක්ක තුළින් එය යළිත් සනාථ වෙයි. චීන මාදිලියේ නවීකරණ පරිච්ඡේදයක් බිහි කිරීම වෙනුවෙන් චීනය ගමන් කරමින් සිටී. ආවේණික නවීකරණයක් අත්කර ගැනීම එහි තිරසර පැවැත්මට උපයෝගී වෙයි. චීනයේ මෙම ආවේණික ගමන් මග තුළින් නව අ‍වස්ථාවන් ද බිහිවනු ඇත.

පුරවැසියන්ගේ ආදායම් වර්ධනය හා ආර්ථික වර්ධනය සමාන ම‍ට්ටමක පවත්වා ගෙන යාම,  ජාත්‍යන්තර ආදායම් හා වියදම් මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම‍ට ඉලක්ක ගත කිරීම චීනයේ දිගු කාලීන තුලනාත්මක ආර්ථික ලක්ෂණයන් ලෙසට හඳුන්වා දිය හැකි යැයි ද ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති,  කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යානාංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියෝ පැවසූහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම