මේ වසරේ චීනයේ බලශක්ති සැපයුම තවදුරටත් වර්ධනය වෙයි
2024-03-22 12:01:13
Share with:

චීනයේ බලශක්ති සැපයුම් ආරක්ෂණ හැකියාවන් මෙම වසරේ අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි චීන ජාතික බලශක්ති මණ්ඩලය පවසයි. අද (22) නිකුත් කෙරුණු, 2024 වසරේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යයන් පිළිබඳ සැලසුමේ මේ බව සඳහන් වේ. රටේ බලශක්ති ව්‍යුහය අඛණ්ඩව ප්‍රශස්ත මට්ටමක පවතිනු ඇතැයි ද එහි දැක්වේ.

මෙම සැලසුමට අනුව, 2024 වසරේ චීනයේ සමස්ත බලශක්ති නිෂ්පාදනය ප්‍රමිතිගත ගල්අඟුරු ටොන් බිලියන 4.98 ක් පමණ වනු ඇත. ඒ අතරින්, ගල්අඟුරු නිෂ්පාදනය වර්ධනය වනු ඇති අතර,  බොරතෙල් නිමැවුම ටොන් මිලියන 200 කට වඩා අගයක ස්ථාවරව පවතිනු ඇත. ස්වාභාවික වායු නිෂ්පාදනය ද ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගනු ඇති බව ද එම සැලසුමේ සඳහන් ය. "බටහිර සිට නැගෙනහිර දක්වා බලශක්ති සම්ප්‍රේෂණ" ව්‍යාපෘතියේ ධාරිතාව ද තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගැනේ.

ෆොසිල නොවන බලශක්ති උත්පාදන ධාරිතාවයේ අනුපාතය 55% දක්වා වැඩිකිරීමට ද අපේක්ෂිත ය. එසේම සුළං බලය සහ සූර්ය බලය චීනයේ සමස්ත බලශක්ති උත්පාදනයෙන් 17%කට වඩා වැඩි ප්‍රමාණයක් වනු ඇතැයි ද එම සැලසුමේ දැක්වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම