දේශපාලන ක්‍රමයෙන් යුක්රේන අර්බුදයට විසඳුම් ලබා දීමට අඛණ්ඩ ව දායක වන බව චීනය කියයි
2024-03-22 17:17:48
Share with:

දේශපාලන ක්‍රමයෙන් යුක්රේන අර්බුදයට විසඳුම් ලබා දීමට අඛණ්ඩ ව දායක වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශය අද(22) පැවැත්වූ නිත්‍ය මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශක Lin Jian මහතා මේ බව පැවසීය.

යුරේසියානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Li Hui මහතා සිදු කළ අදාළ තොරතුරු හඳුන්වා දීමේ හමුව සම්බන්ධයෙන් එම ප්‍රකාශකයා විග්‍රහ කළේය. යුක්රේන අර්බුදය විසඳීම සඳහා තමා සිදුකළ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ 2වැනි මාලාවේ කරුණු Li Hui මහතා එම අවස්ථවට එක්ව සිටි චීනයේ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් හා දෙස්-විදෙස් මාධ්‍යයන් වෙත පැහැදිලි කළේය. එම සංචාරයේ දී හෙතෙම රුසියාව, යුක්රේනය හා ඊට අදාළ යුරෝපා රටවල් වෙත ගොස් තිබේ. සටන් විරාමය හැකි ඉක්මනින් ම ක්‍රියාවට නංවන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් අර්බුදය දේශපාලන ක්‍රමයෙන් විසඳා ගැනීම පිළිබඳවත් හෙතෙම විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර තිබේ. අර්බුදය පිළිබඳ අදාළ පාර්ශ්වයන්ගේ සමාන, සාධාරණ සහභාගීත්වයෙන් යුතු ජාත්‍යන්තර සාම සාකච්ඡා නිසි කලට පැවැත්වීමට චීනයේ අනුබලය හිමිවන බව Li Hui මහතා සිය සංචාරවලදී අවධාරණය කර ඇති බව ද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම