ගාසා තීරයේ ළමා මන්දපෝෂණ අනුපාතය 60%ක් දක්වා ඉහළට
2024-03-22 10:57:36
Share with:

ගාසා තීරයේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් අතර මන්දපෝෂණ අනුපාතය 60%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ (21) මේ බව පැවසුවේ ගාසා හි වෙසෙන ජනතාවගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමිනි.

ගාසා තීරයේ සෑම පවුලකටම පාහේ දිනකට සරිලන ආහාර ලබා ගැනීම සහතික කළ නොහැකි තත්ත්වයක් පවතී. මේ නිසා එහි වෙසෙන සමස්ත වයස් කාණ්ඩයට ඇතුළත් ජනතාවගේ අනාගතය අයහපත් තත්ත්වයක පවතින බව ද හෙතෙම කියාසිටියේය.

මේ අතර, ඊශ්‍රායල හමුදාව පසුගිය දා Shifa රෝහලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි කනස්සල්ල පළ කරයි. එම සංවිධානය එහි ක්‍රියාවට නංවා ඇති කාර්යයන්ට ඉන් බාධා එල්ල වී තිබේ. බරපතල තුවාල ලැබීම නිසා ශල්‍යකර්ම කළ යුතු දරුවන්, පිළිකා රෝග ප්‍රතිකාර හා ඩයලිසිස් හෙවත් රුධිර කාන්දුකරණ ඇතුළු හදිසි වෛද්‍ය සේවා අවශ්‍ය රෝගීන් වෙනත් ස්ථාන වෙත යොමු කිරීමට දැඩි බාධා එල්ල වී ඇතැයි ද Ghebreyesus මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම