බොස්නියාව සහ හර්සගොවිනා රාජ්‍යයට යුරෝපා සංගම් සාමාජිකත්වය ලබා දීමේ සාකච්ඡා ඇරඹීමට තීරණය කෙරේ
2024-03-22 11:14:19
Share with:

බොස්නියාව සහ හර්සගොවිනා රාජ්‍යයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා දීම පිළිබඳ සාකච්ඡා ඇරඹීමට යුරෝපා කවුන්සිලය තීරණය කරයි

බොස්නියාව සහ හර්සගොවිනා රාජ්‍යය යුරෝපා සංගමයට එක් කර ගැනීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා කවුන්සිලය තීරණය කළ බව එහි සභාපති Charles Michel මහතා ඊයේ(21) ප්‍රකාශ කළේ ය. බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී එම යුරෝපා සංගම් සමුළුව පැවැත්විණ. යුරෝපීය කවුන්සිලය බොස්නියාව සහ හර්සගොවිනා රාජ්‍යය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹීමට තීරණය කර ඇති බවත්, එම තීරණය එම රටවලට සාමාජිකත්වය ලබා දීමේ තීරණාත්මක පියවරක් වනු ඇති බවත් Michel මහතා සඳහන් කර ඇත.

මෙම සාකච්ඡා නිල වශයෙන් ආරම්භ කිරීමට පෙර, යුරෝපා සංගමයට තවදුරටත් යම් ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට සිදු වනු ඇත. එමෙන්ම මෙම  සාකච්ඡා ඇරඹීමේ ක්‍රියාවලියට වසර කිහිපයක් පමණ ගත වනු ඇති බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම