නාවුරු ජනරජයේ ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරයකට සූදානම් වෙයි
2024-03-22 14:41:57
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව, නාවුරු ජනරජයේ ජනාධිපති David Adeang මහතා එළඹෙන 24වැනිදා සිට 29වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇත.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

මෙම වසරේ ජනවාරි මාසයේදී චීනය සහ නාවුරු රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමෙන් පසු නාවුරු ජනාධිපතිවරයා චීනයේ සිදු කරන පළමු නිල සංචාරය මෙය බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පැවසීය. විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව පුළුල් කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කිරීමට මෙම සංචාරය අවස්ථාවක් කර ගනිමින් නාවුරු රාජ්‍යය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම