2024 යල කන්නයේ වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට ගොවීන්ට මුදල්
2024-03-22 15:29:53
Share with:

2024 යල කන්නයේ වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 7500ක් ගොවි ගිණුම්වලට යොමු කිරීමට  රජය තීරණය කරයි.

මෙවර යල කන්නයේ වී වගාකෙරෙන කුඹුරු හෙක්ටාර් ලක්ෂ පහකට හෙක්ටයාර් එකකට රුපියල් 15000ක් බැගින් මුදල් ගොවි ගිණුම් වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු සංවිධානය කර ඇතැයි ද ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බවද අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙවර ද හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් නැවත අය කර ගැනීමෙන් තොරව ලබා දීමට රජය තීරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම