චීනයේ ප්‍රථම කෘත්‍රිම බුද්ධි කෙටි ටෙලි නාට්‍යය විකාශය ඇරඹේ
2024-03-22 16:24:54
Share with:

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවූ ‘චීන මිත්‍යා විශ්වාස’ නමැති කෙටි ටෙලි නාට්‍යය විකාශය කෙරේ. සමස්තය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද චීනයේ ප්‍රථම කෘත්‍රිය වීම එහි විශේෂත්වයකි.

චීන මාධ්‍ය සමූහය ස්ථාපිත කිරීමේ 6වැනි සංවත්සරය ඊයේ(21) දිනට යෙදී තිබිණ. මේ නිමිත්තෙන්, අද(22) චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍ය දෘශ්‍ය නව මාධ්‍ය වේදිකාව ඔස්සේ එම කෘත්‍රිම බුද්ධි කෙටි ටෙලි නාට්‍යය විකාශය කිරීමේ හා එහි කෘත්‍රිම බුද්ධි නාලිකාව නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහත ඇතුළු ආරාධිත අමුත්තෝ ඊට එක්ව සිටිහය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් කෘති නිෂ්පාදනය කිරීම චීන‍ මාධ්‍ය සමූහයේ ඉහළ අවධානයට ලක් වී ඇත. ඒ අධිගුණාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය දත්ත හා වෘත්තීමය මාධ්‍ය නිෂ්පාදන ශක්‍යතා පදනම් කර ගනිමිනි. අවශ්‍ය රූපයට අදාළ තොරතුරු අකුරු මගින් පරිගණකයට ලබා දුන්විට එමගින් ඊට සැසඳෙන රූපය නිර්මාණය කෙරෙන කැපී පෙනෙන ‍මාදිලියක් ගොඩනැංවීමට ද චීන මාධ්‍ය සමූහය අවධානය යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම