ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා තවදුරටත් ප්‍රවර්ධනයට කැමැත්තෙන් සිටින බව චීනය කියයි
2024-03-22 17:14:49
Share with:

චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයේ අඛණ්ඩ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ එළඹෙන චීන සංචාරය සම්බන්ධයෙන් Lin Jian මහතා පැවසුවේ, මෑත වසරවල දී දෙරටේ උසස් පෙළේ සම්බන්ධය සමීප වී ඇති අතර  විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා කෙමෙන් පුළුල් වී ඇතැයි ද හෙ‍තෙම පැවසීය.

චීන-ශ්‍රී ලංකා සබඳතාව චීනය වැදගත් කොට සලකයි. ශ්‍රී ලංකාව සමඟ එක්ව අධිගුණාත්මකභාවයෙන් යුතුව “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධව ගොඩනගා විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා තහවුරු ‍කොට අවංක හා අන්‍යෝන්‍ය සහායවීම සහ පාරම්පරික මිත්‍රත්වය යන උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයේ අඛණ්ඩ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Lin Jian මහතා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම