ඊජිප්තුව සහ සෞදි අරාබිය ඇතුළු රටවල් හයක රාජ්‍ය නියෝජිතයින් හා ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්
2024-03-22 10:33:42
Share with:

ඊජිප්තුව සහ සෞදි අරාබිය ඇතුළු රටවල් හයක රාජ්‍ය නියෝජිතයින් ඊජිප්තුවේ කයිරෝ නුවරදී ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken සමග සාකච්ඡාවකට එක්විය.

ගාසා තීරයේ මානුෂීය අර්බුදයන් විසඳීම සඳහා, ඉදිරි දින කිහිපයේ දී අදාළ රටවල විශේෂඥයින්ගේ හදිසි රැස්වීමක් පැවැත්වීමට ඊයේ (21) පැවති එම සාකච්ඡාවේදී සියලු පාර්ශ්ව එකඟත්වය පළ කළහ.

පුළුල් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, මානුෂීය ආධාර සැපයුම් වැඩි කිරීම සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ  2720 වැනි යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ති‍බේ.

ඊජිප්තුව, සෞදි අරාබිය, කටාර් සහ ජෝර්දානය යන රටවල විදේශ අමාත්‍යවරුන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සහයෝගීතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සහ පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුවේ මහලේකම් එම සාකච්ඡාවට සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම