යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක්
2024-03-22 11:39:17
Share with:

යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනම ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙය යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය නිකුත් කළ ලේඛනයක දැක්වේ. එසේම, මෙය චීනයේ මවු ගංගාව ලෙස සැලකෙන යැංසි නදියේ ජීව ශක්තිය යළි ගොඩනැගීම සඳහා වන වැදගත් ක්‍රියාමාර්ගයකි. 

අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු මෙම මත්ස්‍ය තහනමට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බව ද දැනුම් දී තිබේ. මෙහිදී සම්බන්ධීකරණ හා අධීක්ෂණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම, නීතිමය යාන්ත්‍රණයන් හි මනා ක්‍රියාකාරිත්වය මෙන්ම ප්‍රධාන දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය නීති කටයුතුවල දී අන්තර් සහයෝගයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කෙරේ. 

යැංසි ගංගාව ආශ්‍රිතව වෙසෙන දුර්ලභ සහ වඳ වී යාමේ අවදානමට ලක් ව සිටින ජීව විශේෂ සංරක්ෂණය, සත්ත්ව වාසස්ථාන වැඩිදියුණු කිරීම, විෂ සහිත ජීව විශේෂ පාලනය  මෙන්ම පාරිසරික තත්ත්ව වැඩිදියුණු කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද මෙම මාර්ගෝපදේශ මාලාවෙන් චීන රාජ්‍ය මණ්ඩලයේ කාර්යාලය ඉල්ලා සිටී.  

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම