මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගේ විශේෂ අවධානය
2024-03-21 08:49:16
Share with:

වඩාත් ඉහළ පදනමක් මත රටේ මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) පස්වරුවේ Changsha නගරයේ පැවති නව යුගයේ චීන මධ්‍යම ප්‍රදේශයේ පිබිදීම සඳහා දිරි ගැන්වීමට පැවති සාකච්ඡාවට එක් වෙමිනි. ප්‍රාදේශීය නිලධාරීන්ගේ අදහස්වලට සවන් දීමෙන් අනතුරුව ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් ද සිදු කළේය.

විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ කර්මාන්ත නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවමින් නව ගුණාත්මක ඵලදායිතාව පෝෂණය කිරීමට ඉදිරිපත් විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. සැබෑ ආර්ථිකය මත පදනම් ව දියුණු නිෂ්පාදන කර්මාන්තය සවිබල ගැන්වීමෙන් නවීන කර්මාන්ත පද්ධතිය කඩිනම් ලෙස ගොඩනැගීමට ප්‍රයත්න දැරිය යුතු බව ද ඔහු සඳහන් කර ඇත.

මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධන උපායමාර්ගය, රටේ සෙසු දැවැන්ත සංවර්ධන උපායමාර්ග සමග සම්බන්ධවීම පුළුල් කිරීමට අවධානය යොමු කළ යුතු බව ද ප්‍රකාශ කෙරිණ. වඩාත් ගැඹුරු ප්‍රතිසංස්කරණ හා ඉහළ මට්ටමේ විවෘතභාවය නිසි සම්බන්ධීකරණයෙන් ප්‍රවර්ධනය කරමින් වැඩි තරගකාරීත්වයක් සහිත විවෘත ගොඩබිම් ප්‍රදේශයක් ලෙස මධ්‍යම ප්‍රදේශය ගොඩනැගීමට උත්සාහ දැරිය යුතුය. ජෛව පරිසරය සුරැකීම හා හරිත අ‍ඩු කාබන් සංවර්ධනය ඒකීය ලෙස සංවර්ධනය කළ යුතුය. නාගරික හා ග්‍රාමීය සුසංයෝගී වර්ධනයෙහි නියැළී සිටිමින් සම්පූර්ණ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා ප්‍රායෝගිකව හා ස්ථිරව පියවර ගත යුතු බවට ද ඔහු උපදෙස් දී තිබේ.

මේ අතර ඉහළ ගුණාත්මක සංවර්ධනය හා ඉහළ මට්ටමේ ආරක්ෂාව සම්බන්ධීකරණය කර ගනිමින් ආහාර, බලශක්ති හා සම්පත් සුරක්ෂිතතාව සහතික කිරීමේ හැකියාව ඉහළ නංවාලීමට ප්‍රයත්න දැරිය යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම