තායිවානය චීනයට අයත් ප්‍රදේශයක් බව චීනය ඇමරිකාවට දැඩිව සිහිපත් කරයි
2024-03-21 16:43:47
Share with:

තායිවානය චීනයට අයත් ප්‍රදේශයක් බව චීනය ඇමරිකාවට දැඩිව සිහිපත් කරයි.

ඇමරිකානු ඉන්දු පැසිෆික් විධානයේ අණදෙන නිලධාරි John Aquilino සිදු කර ඇති ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

ආසියා පැසිෆික් කලාපය සාමකාමී සංවර්ධනයේ වැදගත් කලාපයක් බව Lin Jian මහතා පැවසීය. ආසියා පැසිෆික් කලාපයේ ගැටුම් හා බෙදීම්  ඇති කරමින් සිටින්නේ චීනය නොව ඇමරිකාවය. තායිවාන ප්‍රදේශය චීනයට අයත් වන බවත්, තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුතු බවත්, තායිවාන ප්‍රශ්නය විසඳීම චීන ජනතාවගේම කටයුත්තක් වන අතර බාහිර මැදිහත්වීම් නොඉවසන බවත් ඔහු අවධාරණය කළේය. එසේම තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමකාමීව යළි එක්සත්වීම‍ වෙනුවෙන් චීනය ඉතාමත් අවංක හා  අඛණ්ඩ ලෙස උත්සාහ කරන බවත් තායිවානයට මාතෘ භූමියෙන් වෙන්වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම