නවයුගයේ මධ්‍යම ප්‍රදේශයේ පිබිදීම සඳහා චීන ජනපතිගෙන් උපදෙස් මාලාවක්
2024-03-21 11:02:28
Share with:

චීනයේ හූනන් පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, නවයුගයේ චීන මධ්‍යම ප්‍රදේශයේ පිබිදීම සඳහා දිරි ගැන්වීමට පැවති සාකච්ඡාවට එක්වෙයි. එය Changsha නගරයේ දී ඊයේ (20) පැවැත්විණ. ජනාධිපතිවරයා ඊට පෙර දින දෙකේ Changsha සහ Changde  යන නගරවල නිරීක්ෂණ චාරිකාවන්ට එක්විය.

Shanxi, Anhui, Jiangxi, Henan, Hubei සහ Hunan යන පළාත් 6, චීනයේ මධ්‍යම ප්‍රදේශයට ඇතුළත් වේ. චීනයේ සමස්ත භූමියෙන් 10% කට වැඩි ප්‍රමාණයක් හිමි මධ්‍යම ප්‍රදේශය චීන ආර්ථිකයේ මුළු පරිමාණයෙන් පහෙන් එකක් ආවරණය කරයි. ඉන් Henan, Hubei හා Hunan යන පළාත් 3 රටේ සමස්ත ආර්ථීක පරිමාණයෙන් මුල් ස්ථාන 10යේ රැඳී සිටීම ද කැපී පෙනේ.  

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයේ සිට මේ දක්වා නවයුගයේ ජාතික වශයෙන් වැදගත් ක්‍රමවේදයක් ලෙස, කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපායමාර්ගය ක්‍රියාත්මක කරනු ලැබීය. මධ්‍යම ප්‍රදේශයේ පිබිදීම එම උපායමාර්ගයේ කේන්ද්‍රීය කොටසකි.

Changsha නගරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ මධ්‍යම ප්‍රදේශයේ පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භයේ සිට ම උසස් මට්ටමක් සහතික කරමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි. ඒ සඳහා පර්යේෂණ මගින් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම දැනුම් දුන්නේය. මධ්‍යම ප්‍රදේශයේ පිබිදීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පරිච්ඡේදයක් එම සාකච්ඡාවෙන් ඇරඹෙනු ඇතැයි ද විශ්වාස කෙරේ.  

එමෙන්ම විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන ප්‍රමුඛ කර ගනිමින් කර්මාන්ත නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවීම සහ නව ගුණාත්මක ඵලදායිතාව සක්‍රිය ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව ද ෂී ජින් පිං මහතා එහිදී කරුණු විග්‍රහ කළේය. නව ගුණාත්මක ඵලදායිතා ප්‍රවර්ධනය කඩිනම් කිරීමේදී මධ්‍යම ප්‍රදේශයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම