හුනාන්හි විශේෂ ලක්ෂණ සහිත චීන මාදිලියේ නවීකරණ පරිච්ඡේදයක් බිහි කිරීමට උත්සාහ කළ යුතු බව චීන ජනපති පවසයි
2024-03-21 16:49:18
Share with:

හුනාන් පළාත අධි ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ස්ථීරව පවත්වා ගෙන ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදන ප්‍රවර්ධනය තුළින්, හුනාන්හි විශේෂ ලක්ෂණ සහිත චීන මාදිලියේ නවීකරණ පරිච්ඡේදයක් බිහි කිරීමට උත්සාහ කළ යුතු බව චීන ජනපති පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේදිනවල  සිදු කළ මධ්‍යම චීනයේ හුනාන් පළාතේ නිරීක්ෂණ චාරිකාවේදී මේ බව අවධාරණය කළේය.

ෂී ජින් පිං මහතා පසුගිය මාර්තු 18 වැනිදා සිට අද(21) දක්වා හුනාන් පළාතේ Changsha සහ Changde යනාදී ප්‍රදේශවල පාසල්, ව්‍යවසායන්, ඓතිහාසික හා සංස්කෘතික දිස්ත්‍රික්ක සහ ගම්මාන නිරීක්ෂණය කළේය.

විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනය, නව ගුණාත්මක ඵලදායිතාව වර්ධනය කිරීමේ කේන්ද්‍රයයි. විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනයන් සමඟ කාර්මික නවෝත්පාදනයන් මෙහෙයවා ප්‍රධාන ක්ෂේත්‍රවල ස්වාධීන නවෝත්පාදන හැකියාවන් වැඩිදියුණු කළ යුතු බව ෂී ජින් පිං මහතා එම පළාතේ සංචාරය අතරතුර අවධාරණය කළේය.

හුනාන් මධ්‍යම චීන කලාපයේ වර්ධනය සහ යැංසි ගංඟා ආර්ථික තීරය සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ විය යුතුය. ආයතනික විවෘතභාවය ක්‍රමානුකූලව පුළුල් කොට සහ ඉහළ ප්‍රමිතියෙන් යුතුව නිදහස් වෙළඳ නියමු කලාපයක් ගොඩනැගිය යුතු බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.‍‍

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම