Taoyuan එම්බ්‍රොයිඩර් කලාවේ තරුණ උරුමක්කාරිය - Xiao Yao
2024-03-21 15:41:56
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 19 වැනිදා Hunan පළාතේ Changde නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ඔහුගේ සංචාරයේ පළමු ගමනාන්තය වූයේ Changde ගංගා වීදිය යි. මෙම වීදිය ඇතුළත් ඓතිහාසික හා සංස්කෘතික දිස්ත්‍රික්කය තේ, එම්බ්‍රොයිඩර් කලාව සහ දැව කැටයම් වැනි සංස්කෘතික උරුම රාශියකින් පොහොසත් කලාපයක් ලෙස හඳුනාගත හැකිය.

1999 වසරේ මෙහි උපත ලද Xiao Yao තරුණිය ‘Taoyuan එම්බ්‍රොයිඩර් කලාවේ’ උරුමක්කාරියකි. ඇය විශ්වවිද්‍යාලයේ ‘Hunan එම්බ්‍රොයිඩර් විෂය’ ‍හදාරන සමයේ අහඹු ලෙස Taoyuan එම්බ්‍රොයිඩර් කලා නිර්මාණ දැක, එහි චමත්කාරය හඳුනා ගත්තාය. සිය උපන් ගම සතු අතීත උරුමයක් වන මෙම සාම්ප්‍රදායික ගෙත්තම් කලාව කෙරෙහි ඇය තුළ දැඩි උනන්දුවක් ඇතිවූයේ ඉන් අනතුරුවයි.

Xiao Yao ප්‍රසිද්ධ ගුරුවරුන් යටතේ, දැඩි කැපවීමෙන් යුතුව මෙම ශිල්පය ප්‍රගුණ කළා ය. එපමණක් නොව, ඇය Taoyuan එම්බ්‍රොයිඩර් මෝස්තර හා ශිල්ප ක්‍රම පිළිබඳ අත්පොතක් ද ඉතා සියුම්ව සම්පාදනය කළා ය. ඒ මෙම කලාව අලුතින් හදාරන පිරිස වෙනුවෙනි.

මේ කලාව සම්බන්ධයෙන් අවබෝධය පුළුල් වීමත් සමඟ, ඇය වඩාත් කනස්සල්ලට පත් වූ කරුණක් විය. එනම්, Taoyuan එම්බ්‍රොයිඩර් කලාවේ උරුමකරුවන් ලෙස වර්තමානයේ  සිටින්නේ 7 ක් 8 ක් වැනි ඉතා සුළු පිරිසක් වීමයි.  ඒ, වැඩිහිටි ශිල්පීන් ද ඇතුළුව යි.

විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු, Xiao Yao තම උපන් ගමට ආපසු පැමිණ, 2020 වසරේ දී පවුලේ අය සමඟ එක්ව ‘Qihui එම්බ්‍රොයිඩර් ගම්මානය’ නම් වැඩපොළක් ආරම්භ කළාය.

ඇගේ වැඩපොළ, ග්‍රාමීය පුනර්ජීවන ව්‍යාපෘතියට ඇතුළත් කරනු ලැබීය. අවට ප්‍රදේශවල සිසුන් සහ කාන්තාවන්ට නොමිලේ එම්බ්‍රොයිඩර් පුහුණුව ලබා දී, ග්‍රාමීය පුනර්ජීවනයේ සුන්දර චිත්‍රය සියලු දෙනා එක්ව ගෙත්තම් කළ යුතු බව Xiao Yao කියාසිටියාය.

මෑත වසරවල, Taoyuan එම්බ්‍රොයිඩර් කලාවේ සුන්දරත්වය ගවේෂණය කරන සංචාරකයෝ විශාල පිරිසක් ‘Qihui එම්බ්‍රොයිඩර් ගම්මානය’ ට  පැමිණෙති. මෙහිදී සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම හැදෑරීමට පවා එක්වන ඔවුහු සංස්කෘතික උරුමයන් හි වටිනාකම් හදවතින් ම අත්විඳිති.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම