චීනයේ ස්වාධීනව සංවර්ධනය කරන ලද ප්‍රථම හයිඩ්‍රජන් බලශක්ති නාගරික දුම්රියේ පරීක්ෂණ ධාවනය සාර්ථක වේ
2024-03-21 15:53:51
Share with:

චීනයේ  ස්වාධීනව සංවර්ධනය කරන ලද හයිඩ්‍රජන් බලශක්තියෙන් ධාවනය කෙරෙන පළමු නාගරික දුම්රිය අද(21) උදෑසන Changchun නගරයේ පරීක්ෂණ මාර්ගයේ දී එහි මෙහෙයුම් පරීක්ෂණය සාර්ථකව අවසන් කෙරිණ. එහිදී මෙම දුම්රිය සම්පූර්ණ බර සහිතව පැයට කිලෝමීටර 160 ක වේගයෙන් ධාවනය කෙරිණ. සම්පූර්ණ පද්ධතිය සහ සම්පූර්ණ කාර්යසාධනයෙහි නිරවද්‍යතාව පෙන්නුම් කර ඇත. මෙය චීනය පීලි සහිත ධාවන ක්ෂේත්‍රයේ නව ජයග්‍රහණයක් සාක්ෂාත් කළ අවස්ථාවකි.

පරීක්ෂණ දත්ත පෙන්නුම් කරන්නේ කිලෝමීටරයකට දුම්රියේ සැබෑ සාමාන්‍ය බලශක්ති පරිභෝජනය කිලෝවොට් පැය 5 ක් වන බවයි. ඒ අතර එය විවිධ ධාවන සැලසුම් දර්ශකවල අවශ්‍යතා සපුරාලන අතර එය ජාත්‍යන්තර ඉහළ මට්ටමට ළඟා වී ඇත. එමෙන්ම මෙම දුම්රියේ පූර්ණ බලශක්ති සැපයීම සහතික කළ පසු ධාවනය කළ හැකි උපරිම දුර කිලෝමීටර් 1,000 ක් පමණ වේ.

මෙම හයිඩ්‍රජන් බලශක්ති දුම්රිය පිළිබඳ හයිඩ්‍රජන් බලපද්ධතිය සහ ප්‍රධාන කොටස්වල කල්පැවැත්ම, උපරිම හා අවම උෂ්ණත්වයට ඔරොත්තු දීම, කම්පනය, ගිනි ආරක්ෂණය ඇතුළු අනෙකුත් අංශ පිළිබඳ පරීක්ෂණවලින් ද එහි සාර්ථකත්වය තහවුරු කර තිබේ. ඒ අනුව, විවිධ වේග මට්ටම්වල බලශක්ති පරිභෝජනය, ධාවන පරාසය, විශ්වසනීයත්වය සහ වෙනත් අංශ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි ද වාර්තාවන් හි දැක්වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම